විශේෂ නිවේදනයයි 

විගමනික සේවයේ නියුතු ඔබගේ සුළු හෝ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරය/කර්මාන්තය  සඳහා යන්ත්‍ර හා උපකරණ ආනයනය කිරීම 

විගමනික සේවයේ නියුතු ඔබ සුළු හෝ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන්නේ නම් හෝ මේ වනවිටත් ඔබ විසින්  ආරම්භ  කර ඇති එවැනි ව්‍යාපාරයක් සඳහා යන්ත්‍ර හා උපකරණ විදේශ රටවලින් ආනනය කිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් ඒ පිලිබඳ තොරතුරු / විස්තර  ලබා ගැනීමට ශ්‍රී ලංකා  විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය  කර ඇත.

එබැවින්, ඔබගේ ව්‍යාපාරය සඳහා යන්ත්‍ර හා උපකරණ ආනනය කිරීමට අදහස් කරන්නේනම් පහත සඳහන් යොමුව මඟින් කාර්යාංශයේ ලියාපදිංචි වන මෙන් කාරුණිකව දන්වමු.

(www.slbfe.lk) – “ Survey on migrant workers who are willing to import machinery”

Special notice to Migrant workers who are willing to import machinery to start small/medium scale enterprises / industries or to upgrade on going  enterprises / industries

In order to empower the migrant workers  who are willing to start their own small and medium scale enterprises / industries or to upgrade on going enterprises/industries, the Sri Lanka Bureau of Foreign Employment (SLBFE) has decided to collect information on the requirement of importing machineries/equipments for the same.

If you are interested, the Embassy of Sri Lanka in Abu Dhabi /UAE hereby  inform  you to provide your requirements to the SLBFE by filling the Google Form available in the SLBFE website (www.slbfe.lk) – “Survey on migrant workers who are willing to import machinery”