Assistance to Sri Lankan nationals during COVID-19 in United Arab Emirates The Sri Lanka Embassy in Abu Dhabi and the Sri Lanka Consulate General Office in Dubai, over the past several weeks together with the Sri Lanka Bureau of Foreign Employment (SLBFE), welfare and the religious organisations and the expatriate community in the United Arab Emirates are working closely to assist Sri Lankan nationals amid the spread of COVID-19.
The measures taken include attending to all inquiries, clearing visa matters, renewal of employment contracts, facilitating entry into hospitals and quarantine centres, distribution of dry rations and cooked meals and facilitating assistance to COVID-19 positive patients on a daily basis. Officers have been delegated duties to coordinate various requests, ensuring speedy responses to the Sri Lankan nationals.
The Embassy also provides to the expatriate community, protective masks, sanitizers and other requisites. The 24-hour toll free hotline number 800 119 119 is available in case of any emergency and the Embassy is also functioning during the weekends.
The Embassy is coordinating closely with the UAE Government authorities, hospitals and quarantine centres to facilitate easy access and provide emergency facilities.

COVID 19 උවදුර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට තානාපති කාර්යාලය මගින් සහන  සැලසීම

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE), මෙරට ක්‍රියාත්මක සුභසාධන හා ආගමික සංවිධාන සහ ශ්‍රී ලාංකික ප්‍රජාව සමග එක්ව COVID 19 උවදුර හමුවේ අපහසුතාවයට පත්ව සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමට පසුගිය සති කිහිපය පුරා කටයුතු කරමින් සිටියි.

ශ්‍රී ලාංකිකයින් විසින් දුරකතන මාර්ගයෙන් සිදු කරනු ලබන සියලුම විමසීම්වලට පිළිතුරු සැපයීම, වීසා බලපත්‍ර සහ රැකියා කොන්ත්‍රාත්තු අලුත් කිරීම සම්බන්ධ ගැටලු වලදී සහය වීම, රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළුවීමට පහසුකම් සැලසීම, වියළි සලාක සහ පිසින ලද ආහාර බෙදා හැරීම සහ COVID 19 වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ නිරන්තරයෙන් සොයා බලා සහය වීම යන කටයුතු සම්බන්ධීකරණය කරමින් ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා තානාපති කාර්යාලයේ සහ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් රාජකාරියේ යොදවා ඇත.

තානාපති කාර්යාලය මෙරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට, ආරක්ෂිත මුහුණු ආවරණ සහ වෙනත් අවශ්‍යතා සඳහා පහසුකම් සපයනු ලබයි. ඕනෑම හදිසි අවස්ථාවකදී තානාපති කාර්යාලය හා සම්බන්ධ වීමට පැය 24 පුරා ක්‍රියාත්මක ගාස්තු රහිත දුරකථන අංක 800 119 119 ට ඇමතුම් ලබා ගත හැකි අතර තානාපති කාර්යාලය සති අන්තයේ ද විවෘතව පවතී.

තානාපති කාර්යාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්, රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථාන සමඟ සමීප සම්බන්ධීකරණය පවත්වා ගනිමින් ඒවාට පහසුවෙන් ප්‍රවේශ වීමට සහ හදිසි පහසුකම් සැපයීමට කටයුතු කරනු ලබයි.

அமீரகத்தில் வசிக்கும் இலங்கையர்களுக்கு கோவிட் 19 தொடர்பான உதவி வழங்கல்

கடந்த பல வாரங்களாக தூதரகம், கொன்சூலர் அலுவலகம் , இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்பு பணியகம், நலன்புரி சங்கங்கள், மத நிறுவனங்கள் மற்றும் வெளிநாட்டு வாழ் இலங்கை சமூகம் ஆகியவை ஒன்றிணைந்து கோவிட் 19 நோய் பரவலின் போது இலங்கையர்களுக்கு உதவுவதற்காக நெருக்கமாக பணியாற்றி வருகின்றனர் அனைத்து விசாரணைகளுக்கும் உரிய பதில்களை பெற்றுக்கொடுத்தல், விசா விடயங்களில் உதவுதல், வேலைவாய்ப்பு ஒப்பந்தங்களை புதுப்பித்தல், மருத்துவமனைகள் மற்றும் தனிமைப்படுத்தல் மையங்களில் தொற்றுக்குள்ளான இலங்கையர்களுக்கு நுழைவனுமதிக்காக உதவுதல், உலர் உணவுகள், சமைத்த உணவுகள் விநியோகம் செய்தல் மற்றும் கோவிட் 19 தொற்றுக்குள்ளான நோயாளிகளுடன் தினசரி தொடர்புகொள்ளல் ஆகியவை இந்த உதவியில் அடங்கும். மேலும் இலங்கையர்களுக்கு விரைவாக உதவி வழங்கவும் உடனடியான பதில்களை பெற்றுக்கொடுக்கவும் ஒருங்கிணைப்பு அதிகாரிகள் நியமிக்கப்பட்டுள்ளனர்.

தூதரகம் இலங்கையர்களுக்கு உலர் உணவு, சமைத்த உணவு, பாதுகாப்ப முகமூடிகள், சனிடைசர்கள் வழங்குவதுடன் ஏனைய பிற தேவைகளையும் பூர்திசெய்கின்றது. அத்துடன் தூதரகத்தின் 800119119 என்ற 24 மணிநேர கட்டணமற்ற தொலைபேசி சேவையூடாக இலங்கையர்களுக்கு உதவ வார இறுதி நாட்களிலும் தூதரகம் செயல்பட்டு வருகின்றது.

இலங்கையர்கள் எளிதில் மருத்துவமனைகள் மற்றும் தனிமைப்படுத்தல் நிலையங்களை அணுகுவதற்காகவும் அவசர உதவிகளை பெற்றுக்கொள்வதற்காகவும் இலங்கை தூதரகம் அமீரக அரசாங்க அதிகாரிகளுடன் நெருக்கமாக செயல்படுகிறது.