The Government of Sri Lanka appreciates the role played by the Government of the United Arab Emirates to assist Sri Lankan nationals in the UAE.
The Sri Lanka Embassy has noted a few video clips circulating in social media which on verification were found to be factually incorrect.
Sri Lankan nationals who test positive to COVID-19 are taken to hospitals and quarantine centres which are well managed and have a high-quality standard.
The Sri Lanka Embassy, Sri Lanka Consulate General Office together with the Sri Lanka Foreign Employment Bureau, welfare organizations and other community and religious organisations are also assisting with the distribution of dry rations and other necessities to Sri Lankan nationals.
Please kindly verify reports from either the Sri Lanka Embassy or the Sri Lanka Consulate General Office, prior to circulation.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ මොහොතේ ඉටු කරන කාර්‍යභාරය පිළිබඳව ශ්‍රී ලංකා රජය කෘතඥතාවය පළ කර සිටිමු.
මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින තත්වයන් පිළිබඳ සමාජ මාධ්‍යයන්හි සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක් සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ අවධානය යොමු වී ඇති අතර එම වීඩියෝ දර්ශනවලින් මතු කෙරෙන කාරණා සත්‍යතාවයෙන් තොර බව දැනුම් දීමට කැමැත්තෙමු.
වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව COVID-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වන ශ්‍රී ලාංකිකයන් මෙරට රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යනු ලැබන අතර ඒවායෙහි පහසුකම් හා රැකවරණය යහපත් මට්ටමක පවතී.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මෙරට ක්‍රියාත්මකවන සුභසාධන සංවිධාන සහ අනෙකුත් ප්‍රජා හා ආගමික සංවිධානයන්හි සහය ඇතිව අවශ්‍යතා සහිත ශ්‍රී ලාංකිකයන් හට වියළි සලාක සහ අනෙකුත් ආහාර බෙදා හැරීමට කටයුතු කරනු ලැබේ.
ඔබ වෙත ලැබෙන තොරතුරු සමාජ මාධ්‍යයන්ට මුදා හැරීමට ප්‍රථම ඒවායෙහි සත්‍යතාවය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් හෝ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයෙන් තහවුරු කර ගැනීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමු.